ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඇතුළු රාජපක්ෂ පවුලේ ප්‍රභලයන් මෙහෙයවන වර්තමාන ආණ්ඩුව පිළිබඳ නවතම ජනමත සමීක්ෂණයක ප්‍රතිඵලවලින් බහුතර ජනතාවක් එයට එරෙහිව සිටින බව අනාවරණය වී තිබේ.
ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය මෙම සමීක්ෂණය කර ඇති අතර එහි ප්‍රතිඵල උපුටා දක්වමින් තිසරණී ගුණසේකර අනිද්දා පුවත්පතට ‘සල්ගාදු පිටියේ සිට ජාතියට පාලමක්‘ යන සිරස්තලය යටතේ ලියූ ලිපියක අදාළ සමීක්ෂණ දත්ත පළකර තිබේ. ක්ෂේත්‍ර කීපයක් ආවරණය වෙන පරිදි එම සමීක්ෂණය සිදුකර ඇත. ජනතාව මේ වනවිට මුහුණ දී තිබෙන ප්‍රධාන ප්‍රශ්න මොනවාද, වර්තමාන ආණ්ඩුවේ දෙවසරක කාලය තුළ ජනතාවගේ ආදායම් වෙස්වීම් කවරාකාරද සහ පවතින ප්‍රශ්නවලින් රට ගොඩනැගීමට ආණඩුවට හැකිද යන කරුණු මූලිකව සලකා බලා තිබේ.
එම සමීක්ෂණයේදී ජනතාව දක්වා තිබෙන ප්‍රතිචාර පහත සඳහන් වේ.
ප්රශ්නය 01 – මේ වනවිට ජනතාව මුහුණ දී තිබෙන ප්‍රමුඛම ප්රශ්නය කුමක්ද?
උත්තර
01. කොවිඩ් වසංගතය නිමා කිරීම = 30.3%
02. ජීවන වියදම් පාලනය = 26.1%
03. ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම = 25.9%
මේ අනුව 56.8%ක් දෙනා මත පළකර ඇත්තේ ආර්ථික අර්බුදය මූලික වී තිබෙන බවයි.
ප්රශ්නය 02 – ගෝඨාභය මහින්ද බැසිල් පාලන කාලය තුළ ජනතාවගේ ආදායම් මට්ටම් පිළිබඳ ගැටළුව
උත්තර
01. ආදයම් තත්වය වඩා යහපත් වූ බව = 0.6%
02. ආදායම් මට්ටම තරමක් යහපත් වූ බව =7.6%
03. ආදායම් තත්වය නොවෙනස් වූ බව = 16.3%
04. ආදායම් තත්වය තරමක් අයහපත් වූ බව = 31.5%
05. ආදායම් තත්වය විශාල වශයෙන් අයහපත් වූ බව = 43.7%
මේ අනුව ආදායම් අයහපත් වූ බව 75.2%ක් ප්‍රකාශ කර ඇත.
ප්රශ්නය 03 – වර්තමාන අගාදයෙන් රට ගොඩ ගැනීමට ආණ්ඩුවට හැකිවේද?
උත්තර
01. රට ගොඩ ගත හැකියි. =4.9%
02. ආණ්ඩුව ඉදිරිපත් කරන සැලසුම් විශ්වාස කළ හැකියි = 26.11%
03. ආණ්ඩුවේ රට ගොඩනගන පොරොන්දු ගැන තරමක් අවිශ්වාස කරන පිරිස = 23.2%
04. දැඩි අවිශ්වාසකින් යුතු පිරිස = 40.9%
මේ අනුව රට ගොඩ නැගීම පිළිබඳව ආණ්ඩුව දෙන පොරොන්දු විශ්වාස නොකරන පිරිස 64.1%ක් වී ඇත.










