කබ්‍රාල් ඛනිජ තෙල් පනත ඉරයි

කබ්‍රාල් ඛනිජ තෙල් පනත ඉරයි

මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් නීත්‍යානුකූලව ලබාදී තිබෙන බලය නොතකා විදුලිබල මණ්ඩලයටද එම අවස්ථාව ලබාදීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ක්‍රියාකර ඇත.

විදුලිබල මණ්ඩලයට ඉන්ධන ආනයනය කිරීම සඳහා විදේශ විනිමය ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාව පළකිරීමත් සමඟ ඛනිජ තෙල් සංස්ථා පනත උල්ලංඝනය කිරීමක් සිදුවේ. එම පනත අනුව මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ අවසරය ලබා දී තිබෙන්නේ ඛනිජ තෙල් සංස්ථාවට පමණි. එහෙත් එසේ තිබියදී එම පනත සංශෝධනය නොකර නොතකා හරිමින් විදේශයන්ගෙන් ඍජුවම තෙල් මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථාව ලබාදී ඇත.

මහ බැංකු අධිපතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ගය පිළිබඳව ආණ්ඩුවේ කිසිදු කැබිනට් ඇමතිවරයෙකු හෝ මේ දක්වා විරෝධය පළකර නැත. විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගැනීම සඳහා යැයි කියමින් මහ බැංකුව විසින් විදුලිබල මණ්ඩලයට විදේශ විනිමය ලබාදීමට ක්‍රියාකර තිබේ.

Facebook
Twitter
LinkedIn