අධිභාර පනත හරහා අර්ථසාධක අරමුදල කොල්ලකෑමට ආණ්ඩුව ගත් උත්සාහය මූලාරම්භයේ සිටම පරාජය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවත් අර්ථසාදක අරමුදල, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල හා පුද්ගලික අංශය සතු දායක විශ්‍රාම වැටුප් අරමුදල් 11 අධිබාරයට අදාල නොවන බවට කටවචනයෙන් ප්‍රකාශ කිරිම ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා වූ ගැසට් නිවේදනය වහාම නිකුත් කළ යුතුව බවත් නිදහස් වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණි රත්නායක පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (17) පැවති මාධ්‍ය හමුවක් පවත්වමිණි.
“අපි ආණ්ඩුවට කියනවා, මුදල් ඇමතිවරයාට කියනවා සද්භාවයක් සහිතව නම් මේ හකුලාගැනීම කරන්නේ… ඕක කට වචනෙන් විතරක් කරලා හරියන්නෙ නෑ.
මේකෙ බලාත්මක නීතිය බවට පත්වෙන්නෙ 2017 අංක 24 දරන දේශිය ආදායම් පනත නම් ඒ දේශිය ආදායම් පනතෙන් “සමාගම්” යන්නට නිර්වචනය තුල අර්ථසාදක අරමුදල, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල හා පුද්ගලික අංශය සතු දායක විශ්‍රාම වැටුප් අරමුදල් 11 ක් තියෙනවා. ඒ 11 මෙම පනතේ “සමාගම්” අර්ථකතනයෙන් ඉවත් කිරීමට, මුදල් ඇමතිවරයා දේශිය ආදායම් විෂයභාර ඇමතිවරයා හැටියට මේකට අදාල ගැසට් එක ගහන්න ඕන.” යැයි ඔහු එහිදී පැවසීය.










