තම පාලනය යටතේ ණය ලබා නොගත් බව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ප්‍රකාශ කළද පසුගිය වසර තුළ විදේශ ණය වශයෙන් පමණක් ඩොලර් මිලියන 2,418ක් ලබා ගෙන ඇති බව හෙළි වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිවේදනයක මෙයට අදාල දත්ත සඳහන් වේ. 2020 වසරේදී ඩොලර් මිලියන 1,882ක් ණය ලබාගෙන ඇති අතර එය තවත් ඉහළ නංගවමින් 2021දී ඩොලර් මිලියන 2,418ක් ලබාගෙන ඇත.
මේ අනුව ගෝටාබය පාලනය තුළ ගෙවී වසර දෙකේදී විදේශීය වශයෙන් ඩොලර් මිලියන 4,300ක ණය ලබාගෙන තිබේ. මෙම ණය මුදල දිගුකාලීන ණය වන අතර කෙටිකාලීනව විශාල ණය ප්‍රමාණයක් විදේශයන්ගෙන් ලබාගෙන තිබිණි. දේශීය වශයෙන්ද රුපියල් ට්‍රිලියන 2කට අධික ණය ප්‍රමාණයක් පසුගිය වසරේදී ලබාගෙන තිබෙන පසුබිමක විදේශීය ණය දිගුකාලීන පදනම යටතේ අති විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති බව මේ අනුව පැහැදිලි වේ.
Views: 0










