ශෂී වීරවංසගේ හොර පාස්පෝට් නඩුවත් අවසන් – තීන්දුවට දිනදෙයි

ශෂී වීරවංසගේ හොර පාස්පෝට් නඩුවත් අවසන් – තීන්දුවට දිනදෙයි

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත කුඨ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගේ බිරිය වූ ශෂී වීරවංසට අදාළ නඩු දෙකෙහි නඩු විභාගය අවසන් වීමෙන් පසු එහි නියෝගය ලබන මාර්තු මස 10 වැනිදාට ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල ඊයේ (11) දින නියම කර තිබේ.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටි අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති නොහොත් ශෂී වීරවංස ඊයෙ (11) අධිකරණයේ පෙනී සිට ඇත.

මෙම නඩුවට අදාළව නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

මෙම නඩුවට අදාලව රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ එවකට නියෝජ්‍ය රෙජිස්ටර් ජනරාල් සුමතිපාල හෙට්ටිආරච්චි විසින් වැදගත් සාක්ෂි රැසක් ලබා දී තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්