කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (09) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,723 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60ට වැඩි 26 දෙනකු සහ අවුරුදු 30ත් 59ත් අතර 05 දෙනකුද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
එමෙන්ම පිරිමි අය 16 දෙනකු සහ කාන්තාවන් 15 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බවද එම වාර්තාවේ සඳහන් වේ
1









