බදියුදීන්ට සහ බිරිඳට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

බදියුදීන්ට සහ බිරිඳට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

තම නිවසේ සේවයට යොදවා සිටි ජූඩ් කුමාර් ඉශාලිනී නම් මෙහෙකාර දැරියගේ මණය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් තහනම ලබන මැයි මස 24 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ඊයේ (09) නියෝග කර තිබේ.

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සදහා තම සේවාදායකින් දෙදෙනා සූදානම්ව සිටින බැවින් ඒ සදහා ඔවුන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනිල් සිල්වා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබා දී ඇත.

එම බාලවයස්කාර දැරිය මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිලිස්සීමකට ලක්වූ බවට සඳහන් වූ අතර ඇය රෝහල්ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්