කොවිඩ් මරණවල ඉහළ යාමක්…

කොවිඩ් මරණවල ඉහළ යාමක්…

ඊයේ (09) නිකුත් කළ පෙරේදා (08) දිනයේ මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගණන 36ක් බව නිල වාර්තා අනුව තහවුරු වේ.

මෙම 36 දෙනා අතරට අවුරුදු 30ට අඩු පුද්ගලයින් තිදෙනෙක් අයත්ය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,692කි.

මේ අතර ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,263ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 623,248ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්