බාල වයස්කාර දැරියක් දූෂණය කර ගැබිණියක් බවට පත් කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු හාලිඇළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 14යි මාස 07ක පසුවන එම දැරිය දූෂණයට ලක්ව ඇතැයි හාලිඇළ පොලිස් ස්ථානාධිපතිවරයාට පසුගියදා ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මවගේ අනුදැනුම මත දැරියව ආශ්‍රය කිරීමට 41 හැවරිදි පුද්ගලයෙකුට අවස්ථාව සලසා දී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
එම දැරිය උදරයේ වේදනාවක් යැයි මවට පැවසීමත් සමග හාලිඇළ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කර තිබේ. එහිදී ඇය මාස 04ක ගැබිනියක් බවට අනාවරණය වී ඇත. ඒ අනුව පොලිසියට ලද පැමිණිල්ල මත පළමු සැකකරු වන බදුල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි විවාහක පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට වයස අවුරුදු 07ක පිරිමි දරුවෙකුද සිටින බව අනාවරණය වී තිබේ. දැරියට සිදුකළ අතවරය සම්බන්ධයෙන් දෙවන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇළ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තිදරු පුද්ගලයෙකි. තෙවැනි සැකකරුද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
සැකකරුවන් තිදෙනා මේ වනවිට බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
දැරියගේ මවද එම අපරාධයට අනුබල දීම යටතේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
හාලිඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










