ලංකාව බිඳවැට්ටීම ගැන ඉන්දීය බුද්ධිමතුහු කම්පාවෙති…

ලංකාව බිඳවැට්ටීම ගැන ඉන්දීය බුද්ධිමතුහු කම්පාවෙති…

ඉන්දියාවට වඩා හැමඅතින්ම ඉදිරියෙන් තිබුණු ශ්‍රී ලංකාව මේ වනවිට ඇදදමා තිබෙන අතිශය අවදානම් තත්වය පිළිබඳව ඉන්දීය බුද්ධිමතුහු තම කම්පාව පල කරමින් සිටිති.

මේ බව හෙළිවන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතකට සපයා තිබූ ලිපියකිනි. ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන රාමරාජු වෙනුතුරුපල්ලි විසින් මහාචාර්ය සිරිමල් අබේරත්නට එවන ලද කෙටි පණිවිඩයකින් මෙලෙස කම්පාව පල කර තිබී ඇත.

ඉන්දීය ආචාර්යවරයා එම කෙටි පණිවිඩියේ සඳහන් කර ඇත්තේ “ශ්‍රී ලංකාවේ අතිශය දුෂ්කර තත්වයක්, ආහාර සහ ඉන්ධන අවසන් වෙයි, ආහාරද ඉන්ධනද? ශ්‍රී ලංකා මුලින්ම මිලදී ගන්නේ මොනවාදැයි උගතෝකෝටිකයක. ඔවුන් මෙම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය දෙකෙන්ම හිඟයකට මුහුණදී සිටී. නොගිලී සිටින්නට ඔවුන් ණය මත යැපෙමින් සිටී. ශ්‍රී ලංකාවට උපකාරයක් ලෙසින් ඉන්දියාව ඩොලර් මිලියන 500ක් ආධාරයක් කරයි.” යනුවෙනි.

ඉන්දීය මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “සිරිමල්, අද මම මේ සටහන දැක්කා. මට මේක විශ්වාස කරන්න බැහැ. ශ්‍රී ලංකාව සෑම විටම අපට වඩා ඉදිරියෙන් සිටියා. මේක ඇත්තක්ද? මම හිතනවා නෑ කියලා.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn