ශ්‍රී ලංකාව ගැන වේදනාකාරී ගීතයක් ගැයූ ලතා මගේෂ්කාර් දිවි ගමන නිම කරයි

ශ්‍රී ලංකාව ගැන වේදනාකාරී ගීතයක් ගැයූ ලතා මගේෂ්කාර් දිවි ගමන නිම කරයි

භාරතයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් ලතා මගේෂ්කාර් අද (06දා) උදේ සිය දිවි ගමන නිම කළා ය.

එම ගායිකාව සිංහල ගීත කිහිපයක් ද චිත්‍රපට පසුබිම් සඳහා ගායනා කර ඇත. ඒ අතර ‘සැඩසුළං’ චිත්‍රපටයට ආනන්ද සමරකෝන් සූරීන් ලියූ ‘ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමි’ නම් ගීතය සුවිශේෂී වේ. ආනන්ද සමරකෝන් සූරීන් තම මවුබිම පිළිබඳව 1950 මුල් කාලයේ දී ම අතිශය වේදනාබර තත්ත්වයක් මෙම ගී පද තුළින් නිරූපණය කර තිබේ. එය සිංහල ගායිකාවක හා සමානව ම හැඟීම් උද්දීපනය කරමින්, ලතා මගේෂ්කාර් ශිල්පිනිය ගායනා කළා ය.

Facebook
Twitter
LinkedIn