IOC තෙල් මිල උස්සයි

IOC තෙල් මිල උස්සයි

ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇත.

නව මිල ඉහළ දැමීම අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 184ක් දක්වාද ඩීසල් ලීටරයක් රුපියල් 124ක් දක්වාද වැඩි කර ඇත. මෙරට විදුලිය සැපයීම බිඳවැටීමට ඉතා ආසන්නව තිබියදී ඉන්දීය IOC සමාගමෙන් විදුලි ජනනය සඳහා තෙල් මිලදී ගැනීමත් සමඟ එම සමාගම ඒකාධිකාරී බලය මෙරට තුළ පැතිරවීම මෙම මිල ඉහල දැමීම මගින් ආරම්භ කර තිබේ.

Facebook
Twitter
LinkedIn