කොවිඩ් පූර්ණ එන්නත්කරණය රහිත කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළු වීම හෝ රැඳී සිටීමට අවස්ථාවක් අප්‍රේල් 30 වැනිදා සිට නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මේ සම්බන්ධයෙන් වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (05) පෙරවරුවේ නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ නිසි අධිකාරිය විසින් නිදහස් කරනු ලැබුවහොත් මිස 2022 අප්‍රේල් 30 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව තුළ එන්නත් නොකළ පුද්ගලයින්ට නිශ්චිත එන්නත් සාක්ෂි නොමැතිව පොදු ප්‍රවාහනය ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් බවයි.
මෙහි දී “සම්පූර්ණයෙන් එන්නත් කරන ලදී” යන්නෙන් අදහස් වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිශ්චිතව දක්වා ඇති පරිදි අදාළ පුද්ගලයා අදාළ එන්නතෙහි අවශ්‍ය මාත්‍රාව ලබාගෙන ඇති බවයි.
Views: 0










