ලබන මාර්තු මාසයේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය සහයෝගය ලබා ගැනීමට ආණ්ඩුව විශාල ප්රයත්නයක යෙදී සිටින අතර මෙම තත්වය හමුවේ ලංකාව කෙරෙහි ඉන්දියාව එල්ල කරන පීඩනය විවිධ අංශවලින් තවත් ඉහල දමා තිබේ.
මේ වනවිට ඉන්දියාව ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වාධීනත්වය ඍජුවම අත්පත් කර ගැනීම සඳහා දියත් කර තිබෙන ක්‍රියාවලියට අමතරව මෙරට වතු සමාගම් අත්පත් කර ගැනීම වෙනුවෙන්ද විශාල සැලසුමක් දියත් කර ඇති බවද අනාවරණය වේ. ්
මෙවැනි පසුබිමක මෙරට විදේශ ඇමති ජී.එල්. පීරිස් ඉන්දියාවේ හදිසි නිල සංචාරයක් සඳහා හෙට (06) පිටත්ව යාමට නියමිතය. එම සංචාරයේදී ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟ පවත්වන සාකච්ඡාවල අවසන් තීරණ මෙරටට වඩාත් පීඩනයක් එල්ල කරනු ඇති බවට දේශපාලන විචාරකයින් අනාවැකි පළ කරති.
Views: 0










