ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා 74වෙනි නිදහස් දිනය සමරණ අවස්ථාව වනවිට ඔහුගේ පාලනය යටතේ මුළු රාජ්‍ය ණය බර ට්‍රිලියන 04 ඉක්මවා වසර දෙකක් තුළ ලබාගනෙ ඇති බව අනාවරණය වේ.
මහ බැංකු වාර්තා අනුව ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ධුරය භාරගත් 2019 වර්ෂය අවසන් වනවිට මෙරට මුලු රාජ්‍ය ණය බර රුපියල් ට්‍රිලියන 13.031ක් වී තිබිණි. එය 2021 ඔක්තෝබර් මස අවසන් වනවිට රුපියල් ට්‍රිලියන 17.344ක් දක්වා ඉහළ නැග තිබිණි.
මේ අනුව නිදහස ලබාගෙන ගෙවීගිය වසර 72ක් පුරා පැවති සමස්ත ණය බරෙන් 1/3ට ආසන්න ප්‍රමාණයක් ගෝටාබය රාජපක්ෂ ජනාධිපති යටතේ වසර දෙකක් තුළ ලබාගෙන ඇත. ඒකපුද්ගල ණය බරද 2019 අවසානයේ රුපියල් 595,000ක් වී තිබී 2021 ඔක්තෝබර් අවසන් වනවිට රුපියල් 791,900 ඉක්මවා තිබිණි.
Views: 0










