කොළඹ වරායේ පාවෙන තාප බලාගාරයේ නතරවී ඇති කොටසේ හෝ සෝජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද (03) රාත්‍රියට පෙර ආරම්භ නොකළහොත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මේ වනවිටත් ඉන්ධන නොමැතිවීමෙන් කැලණිතිස්ස, මතුගම සහ පාවෙන බලාගාරයේ කොටසක් අක්‍රියවීම හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 360ක විදුලි ධාරිතාවයක් අහිමිවී ඇති.
මේ අතර ඊයේ පස්වරු 6ත් රාත්‍රී 09ත් අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විදුලිය බිඳවැටීම් සිදුව තිබේ.
මෙම තත්වය තුළ ඉන්ධ ලබාගැනීමට ප්‍රමාද වුවහොත් ඉදිරියේදී දිනකට පැය 04ක පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයිද ඔවුන් ගණන් බලා ඇත.
Views: 0










