කොරෝනා වැළඳුණු පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

කොරෝනා වැළඳුණු පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 11ක සිසුවියක කොවිඩ් – 19 වයිරසය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි බී.එම්.ටී මනීෂා කුමාරි ප්‍රනාන්දු නැමැති සිසුවියයි.

මෙම සිසුවිය පසුගිය 28 වැනිදා පාසල් ගොස් නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුරු වී මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකට ඇතුළත්ව ප්‍රතිකාර බමින් සිටි බවත් ඇය ඊයේ (30) මෙලොව හැර ගිය බවත් ඉතාමත් සංවේගයට පත් පවුලේ ඥාතීහු සඳහන් කරති.

මෙම සිසුවියට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇති බව ඊට අදාල කළ පරීක්‍ෂණවලින් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශද තහවුරු කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්