තවත් මාරාන්තික රෝගයක් – ඔබේ දරුවාටත් මෙම ලක්ෂණ තිබේද?

තවත් මාරාන්තික රෝගයක් – ඔබේ දරුවාටත් මෙම ලක්ෂණ තිබේද?

කොවිඩ් – 19 වසංගතයත් සමග දරුවන්ට ඇතිවිය හැකි තවත් බරපතළ රෝගී තත්වයක් පිළිබඳව කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ වෛද්‍යවරු අනතුරු අඟවති.

කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ, ළමා රෝග පිළිබඳ වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ දරුවන්ට “මිස්සී” නමැති රෝගී තත්වය ඇති වුවහොත් මරණය පවා ඇති වියහැකි බවය.

“මේ දිනවල කොවිඩ් රෝගය ඉතාම සීඝ්‍රයෙන් පැතිරෙන නිසා, තව සති දෙකක් මාස දෙකක් වගේ ඇතුළත දරුවන්ට “මිස්සී” රෝගය හැදෙන්න පුළුවන්.

ඒ කියන්නේ බහු ඉන්ද්‍රීය ආසාදන රෝගතාවයයි. මේ රෝගය ඉතාම බරපතළ වෙන්න පුළුවන්. සියලුම ඉන්ද්‍රියන් අඩපණ වෙන්න පුළුවන්. අවුරුදු 12ට වැඩි ළමුන්ට ප්‍රතිශක්තිකරණය ලබා දුන්නොත් මිස්සී රෝගය අවම කරන්න පුළුවන්. මිස්සී බරපතළයි. ඒක හැදිච්ච දරුවෝ දැඩිසත්කාර ඒකකවලට යන්න පුළුවන්. මරණය ඇති වෙන්න පුළුවන්.

මව්පියන්ට රෝගය තිබිලා දන්නේ නැතුවම දරුවන්ට රෝගය හැදුනොත් සති දෙකක් මාස දෙකක් වගේ ඇතුළත ආපහු සැරයක් දරුවෙක්ට උණ ඇවිල්ලා, බෙල්ලේ වසා ගැටිති ඉදිමිලා, ඇස් කහ වීම, හුස්ම ගැනීමේ අපහසුතා, මුත්‍රා යාම අඩුවීම හරි මුත්‍රා එක්ක ලේ ගිහිල්ලා හරි හෘද වස්තුවේ වේගය අඩු වැඩිවීම් වගේ දෙයක් වෙන්න පුළුවන්.

ඒ වගේම කම්පන තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්