කතානායකටත් කොවිඩ්

කතානායකටත් කොවිඩ්

කතානායක මහින්ද යාපා අබේවර්ධනට සහ කතානායක නිල නිවෙසේ සේවකයන් තිදෙනෙකුටද කොවිඩ් – 19 වයිරසය ආසාදනයවී ඇතැයි වාර්තා වේ.

රෝග ලක්ෂණ කිහිපයක් මත කතානායකවරයා ඉකුත් 26 වෙනිදා PCR පරීක්ෂණයකට යොමුවී ඇති අතර ඊයේ (27) වනදා ලද එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී තිබේ.

සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් අනුව කතානායකවරයා සිය නිල නිවෙසේ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටින බවත් කොවිඩ් ආසාදිත සේවකයෝ තිදෙනා රාජගිරිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කරනු ලැබ සිටින බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කතානායකවරයාට සහ එම සේවකයන් තිදෙනාට ආශ්‍රිතවූ ආරක්ෂක නිලධාරීන් ඇතුළු පස් දෙනෙකු නිරෝධායනයට යොමු කරනු ලැබ සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කතානායකවරයා පසුගිය දිනවල උත්සව ගණනාවකටම සහභාගිවී ඇති අතර එම උත්සවවලට පැමිණ සිටි කොවිඩ් ආසාදිතයකුගෙන් ඔහුට වෛරසය ආසානය වන්නට ඇතැයි සැක කෙරෙන බවද පැවසේ.

කතානායකවරයා දකුණු කොරියානු කතානායකයා ඇතුළු පිරිසක්ද පසුගියදා හමුවිය.

කොවිඩි නිට්ටාවටම සුව වන බවත් එක් වරක් පානය කළොත් ජීවිත කාලයටම කොවිඩ් නොසෑදෙන බවත් සඳහන් කළ ධම්මික පැණියද කතානායකවරයා ප්‍රසිද්ධියේම පාර්ලිමේන්තුවට ගෙන්වාගෙනම පානය කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්