මීරිගම විද්‍යාපීඨයේ කොරෝනා පොකුරක්…

මීරිගම විද්‍යාපීඨයේ කොරෝනා පොකුරක්…

මීරිගම හාපිටිගම් අධ්‍යාපන විද්‍යාපීඨයේ පාඨමාලා ආරම්භ කර ගත වූ ගත වූ සතිය තුළදී ගුරු සිසුවියන් පනහකට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි විද්‍යාපීඨ ආරංචි මාර්ග සඳහන් කරයි.

විද්‍යාපීඨයේ පාඨමාලා ඉකුත් 15 වැනි දා ආරම්භ කෙරුණු අතර තෙදිනකට පෙර ගුරු සිසුවියන් දෙනෙකු කොවිඩ් ආසාදිත බව හෙළි වී තිබිණි.

අනතුරුව ඊයේ 20 සිදුකෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලදී ගුරු සිසුවියන් 38 දෙනෙකු කොරෝනා ආසාදිත බව හෙළි වී ඇති අතර ඊයේ (21) දිනයේද තවත් 06 දෙනෙකු කොවඩ් ආසාදිත බව අනාවරණය වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

සිසුවියන් පිරිසකට වෛරසය ආසාදනය වූ ආකාරය අනාවරණය වන අතර තවත් අය ආසාදිත වූ ආකාරය අනාවරණය වී නැති බවද වාර්තා වේ.

ගුරු සිසුවියන් 100කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කර ඇති බවත් ආසාදිත වූවෝ සීදුව අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති බවත් මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්