ලොව පුරා වේගයෙන් පැතිරයන ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 160 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
කොරෝනා ආසාදිතයින්ගේ සාම්පල 182ක නියැදියකින් මෙම ඔමික්‍රෝන් ආසාදිතයින් 160 දෙනා හඳුනාගෙන තිබේ. එය ප්‍රතිශතයක් ලෙස ගත්කල 88%කි. රට පුරා විවිධ ප්‍රදේශවලින් ලබා ගත් වෛරස සම්පලවලින් මෙලෙස ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගැනීමට හැකි වී ඇති අතර ඒ අනුව රටපුරා වේගයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් ඇති බව තහවුරු වේ.
ඔමික්‍රෝන් රැල්ලත් සමඟ ලොව පුරා මේ වනවිට කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති අතර අද (15) දිනයේ ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ලක්ෂ තිහකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව පැවසේ. ඔමික්‍රොන් රෝග ලක්ෂණ බොහෝ දුරට කොරෝනා අනෙක් රෝග ලක්ෂණ වලට සමාන වන නමුත් එහි මරණීය අවදානම අනෙක්වාට සාපේක්ෂව අවමය. එනමුත් වයස 70 ට වඩා වැඩි වැඩිහිටියන් හා දීර්ඝ කාලීන ජානගත රෝග වලින් පීඩා විඳින පිරිසට ජීවිත අවධානමක් පවතින බව පැවසේ.









