ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව අද (29) පස්වරුවේ ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් සහ අනෙකුත් ගාස්තු 7%ත් 10%ත් අතර ගණනකින් වැඩි කිරීමට ගමනාගමන කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති යෝජනවට පෞද්ගලික බස් සංගම් විරෝධය පළකර ඇති අතර ඔවුන්ගේ ඉල්ලීම ඊට වැඩි ගණනකින් බස් ගාස්තු ඉහළ දමන ලෙසයි. මේ සම්බන්ධයෙන් අද (29) පස්වරුවේ බස් සංගම්, ගමනාගමන කොමිසමේ නිලධාරීන් සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වන දිලුම් අමුණුගම අතර පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹීමට නියමිතය.
කෙසේ වෙතත් බස් සංගම් ආණ්ඩුවට අවධාරණය කර සිටින්නේ ඔවුන් වෙනුවෙන් ඩීසල් සහනාධාරයක් ලබා දීමට කටයුතු කළ යුතු බවයි. එසේ නැතිනම් ප්‍රවාහන ගාස්තුව 20%කින් ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවයි.
Views: 0










