ඉරානය ශ්‍රී ලංකාවේ ණය අර්බුධය විසඳීමට ඩොලර් මිලියන 251ක් කපා හරි ?

ඉරානය ශ්‍රී ලංකාවේ ණය අර්බුධය විසඳීමට ඩොලර් මිලියන 251ක් කපා හරි ?

ශ්‍රී ලංකාව විසින් ඛනිජ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඩොලර් මිලියන 251ට හිලව් ලෙස ඉරානයට තේ අපනයනය කිරීමේ ගිවිසුමකට එළඹ ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර සිටිති. මීට වසර 9කට පෙර ආනයනය කරන තෙල් වෙනුවෙන් මෙම ණය මුදල ගෙවීමට තිබු අතර ඉරානයට එරෙහිව ඇමරිකානු සම්බාධක පැනවීම හේතුවෙන් ඇති වී තිබෙන තාක්‍ෂණික ගැටළු නිසා මෙම තීරණයට රටවල් දෙක විසින් එකඟතාවයකට පැමිණි බව ඉරාන ආර්ථික හා වෙළඳ සංවර්ධන අමාත්‍යංශය (AlirezaPeymanpark) මාධ්‍ය වෙත පවසා සිටියේය.

එජා සංවිධානයේ හා ඇමරිකානු සම්බාධක මගින් ඉරාන බැංකු සමග ගනුදෙනු කිරීම ලෝකයේ අනෙකුත් රටවලට තහනම් කර ඇත. මේ හේතුව නිසා ඉරානයේ වත්කම් ඩොලර් බිලියන 5ක් මේ වන විට බ්‍රිතාන්‍ය හා ඇමරිකානු බැංකු වල සිරකර තිබේ. පසුගියදා ආරම්හ වූ ඉරාන න්‍යෂ්ටික අර්බුධය සමනය කිරීම සඳහා එජා සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේදී සිදූවූ සාකච්චා වලදී මුලික කොන්දේසියක් ලෙස මෙම මුදල් නිදහස් කරන ලෙස ඉරානය ඇමරිකාවෙන් ඉල්ලා සිටියේය. එය එජා සංවිධානයේ ලේකම්වරයාද අනුමත කරනු ලැබිණි.

ඉරාන ජනතාවගේ ප්‍රකට බීමක් වන තේ පානය සඳහා අවශ්‍ය 50%ක් ආනයනය කරනුයේ ශ්‍රී ලංකාවෙනි. මෙම ගිවිසුම මගින් තේ ආනයනය සඳහා ඉරානයට ඩොලර් අවශ්‍ය නොවේ. මෙම නව ගිවිසුම මගින් ඇමරිකානු සම්බාධක මග හැර ඛනිජ තෙල් නොවන අත්‍යවශ්‍ය ආහාර ඉරානයට ආනයනය කිරීමට හැකියාව ලැබෙන බවත්, අත්‍යවශ්‍ය ආහාර වලට සම්බාධක දැමීමට ඇමරිකාවට හා බටහිරට නොහැකි බවත්, මෙම වෙළඳ ගනුදෙනුව සඳහා දෙරටේ බැංකු පද්ධතීන් මැදිහත් වීමක් සිදුනොවන බවත් මෙම පිළිබඳව තවදුරටත් අදහස් පල කරමින් ඉරාන වෙළඳ ඇමතිවරයා හා ශ්‍රී ලංකාවේ රජයේ නියෝජිතයා මාධ්‍ය වෙත පවසා සිටියහ.

මීට පෙර ජර්මානු වාන්සල්වරිය වන ඇන්ජලා මෙර්කෙල් ඇමරිකාව කෝපයට පත් කරමින් පැවසුවේ මෙම නුතන ලෝකයේ සම්බාධක ප්‍රයෝගික නොවන බවයි. ඉරානයට එරෙහිව සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා ඇය එජා සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ විශාල අරගලයක් සිදු කලේ තම මිත්‍ර පාක්‍ෂික රටවලද බලවත් විරෝධය මධ්‍යයේය. මේ වනවිට වෙනේසුවේලාවේ මදුරෝ විසින්ද ඇමරිකානු සම්බාධක සමච්චලයට ලක් කරමින් තම තෙල් මෙක්ෂිකෝ ධන කුවේරයන් මගින් ලෝකය පුරා විකිණීමට ක්‍රම වේදයක් යොදාගෙන ඇති බව බටහිර මාධ්‍ය පසුගිය සතියේ වාර්තා කර සිටියහ.

Facebook
Twitter
LinkedIn