අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන කොමිසම හමුවට ශානි අබේසේකරට එරෙහිව ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති විසින් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ශානි අබේසේකර මෙලෙස අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
නීතිඥ මංජුල බාලසූරිය මඟින් ඊයේ (22) දිනයේ මෙලෙස අභියාචනාධිකරණය හමුවට පෙත්සම ගෙනු කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන කොමිසමේ සාමාජිකයින් වූ දයාන් චන්ද්‍රසිරි ජයතිලක සහ චන්ද්‍රා ප්‍රනාන්දු යන නම්කර ඇත. එම පෙත්සම ඉදිරිපත් කරමින් ශානි අබේසේකර සඳහන් කර ඇත්තේ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති එම කොමිසම හමුවට කරනු ලැබූ පැමිණිල්ලකට සාක්ෂි දීම සඳහා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන කොමිසමෙන් තමාට කැඳවීම් කරනු ලැබූ බවයි. එම කැඳවීමට එරෙහිව අභියාචනාධිකරණය රීට් පෙත්සමක් ගොනු කළ බවත් එය විභාගයට ගත් අවස්ථාවේදී කොමිසමේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් ශනි අබේසේකරට එරෙහිව නිශ්ශංක සේනාධිපති සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු නොකරන බවයි.
එසේ අභියාචනාධිකරණය හමුවේ සහතික වී තිබියදී ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගේ පැමිණිල්ල සම්බන්ධයෙන් එම කොමිසම මගින් නිර්දේශ නිකුත් කර තිබීමෙන් අභියාචනාධිකරණය හමුවේ සිදු කළ ප්‍රකාශ අභියාචනාධිකරණයේ නියෝග පැහැර හැරීමට ලක්කර ඇති බවයි. එසේම වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කර ඇති බවටත් අණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තියට අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විභාගයක් පවත්වා දඬුවම් ලබා දෙන ලෙසට එම පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.










