පෞද්ගලික සමාගම් පොහොර මිල අසීමිත ලෙස උස්සයි

පෞද්ගලික සමාගම් පොහොර මිල අසීමිත ලෙස උස්සයි

රසායනික පොහොර ආනයනය සහ බෙදාහැරීම පෞද්ගලික අංශයේ ඒකාධිකාරයට පවරාදීමත් සමඟ අසීමිත ලෙස මිල ඉහල දමා ඇති බව වාර්තා වේ.

මේ වනවිට එම සමාගම් කිලෝ 25ක නව ඇසුරුම් වෙළපොලට හඳුන්වාදී ඇති අතර එම ඇසුරුමක මිල රුපියල් 6500/- ඉක්මවා ඇත. ජනාධිපති විසින් හදිසියේ රසායනික පොහොර තහනම් කිරීමට පෙර කිලෝ 25ක ඇසුරුම් නොතිබුණු අතර කිලෝ 50ක් බැගින් වූ ඇසුරුම් තිබිණි. එම ඇසුරුමක මිල දළ වශයෙන් රුපියල් 1200/- විය.

නමුත් මේ වනවිට පෞද්ගලික අංශයේ ඒකාධිකාරය යටතේ කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් 12000/- ඉක්මවා ඇත.

Facebook
Twitter
LinkedIn