ගෘහස්ත ගෑස් සිලින්ඩරවල අඩංගු ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් පසුව මේ දක්වා ගෑස් පිපිරීම් හේතුවෙන් පුද්ගල මරණ හතක් වාර්තා වී තිබේ.
එසේම ගෑස් මේ වසර තුළ ගෑස් පිපිරීමේ සිදුවීම් 847 ක් සිදුව ඇති බව පොලිසිය වාර්තා කරයි. ගෑස් පුපුරා යාමේ සිදුවීම්වලින් 797 ක් ලිට්‍රෝ ගෑස් හා සම්බන්ධ සිදුවීම් ය.
ලාෆ්ස් ගෑස් හා සම්බන්ධ පුපුරායාමේ සිදුවීම් සංඛ්‍යාව 50 කි.
සමස්ත සිදුවීම්වලින් 477 ක් ගෑස් උදුන් පුපුරා යාමේ සිදුවීම් ය. සිද්ධීන් 299 ක් ගෑස් කාන්දුවීම් නිසා ඇති වූ පුපුරායාම් ය. සිද්ධීන් 52 ක් ගෑස් නළයේ කාන්දුවීම් හේතුවෙන් සිදුව ඇතැයි පැවසේ.
Views: 0










