ඩොලර් හිග: විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල තුනක් වසාදමයි…

ඩොලර් හිග: විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල තුනක් වසාදමයි…

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරණ පරිදි, නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් පිහිටි ශ්‍රී ලංකා කොන්සල්ජනරල් කාර්යාලය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබේ.

මෙවැනි තීරනයක් ගෙන ඇත්තේ සේවා අවශ්‍යතා සහ දැරීමට සිදුවන වියදම් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් අනතුරුව බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, නයිජිරියානු තානාපතිවරයා බුරුම රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත අතර සයිප්‍රසයේ කොන්සල් ජනරල්වරයා මේ වනවිටත් මෙරටට පැමිණ ඇති තිබේ.

Facebook
Twitter
LinkedIn