දඹුල්ලේ එළවළු මිල අහස උසට

දඹුල්ලේ එළවළු මිල අහස උසට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ දේශීය එළවළු මිළ මෙන්ම ආනයනික අර්තාපල් අල, ලොකු ලූණු, වියලි මිරිස්, වටානා පරිප්පු ආදී අහාර ද්‍රව්‍ය රැසකද මිල ඊයේ (17) සිට විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

මෙම තත්වය ඉකුත් සතියට වඩා විශාල වශයෙන් ඉහළ යෑමක් බවත් මෙවැන්නක් සිදුවන්නේ රටේ පවතින ඩොලර් හිගය නිසා බවත් ආනයනික ව්‍යාපාරිකයෝ පවසති.

රුපියල් 140ක්ව පැවති විදේශීිය ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් ද250ත් 260 දක්වාද, රුපියල් 160ක්ව පැවති දේශීය ලොකු ලූනු කිලෝවක් රුපියල් 260ත් 270 දක්වා ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

රුපියල් 450ත් 500ත් අතර මිල ගණන් යටතේ අලෙවි වූ වියලි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් ඇති බවත් රුපියල් 135ක්ව පැවති වටානා පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 170 දක්වා වැඩි වීමද විශේෂත්වයකි. ආනයනය අනුව විදේශීය රටවලින් ගෙන්වන පරිප්පු, සීනි, සුදුලූණු ආදී වර්ගවල මිලද ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයෝ පවසති.

මීට අමතරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලද පසුගිය දිනට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන ඇති අතර ගොවීන් කියා සිටින්නේ තමන් රැගෙන එන එළවලු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් අකමැත්තක් දක්වන බවය. මිල ඉහළ යෑමෙන් වෙළෙන්දන්ගේ මිලදී ගැනීම් ඉතා අවම වීම නිසා තමන්ට විශාල අර්බුදයකට මෙන්නම පීඩායකට මුහුණ පෑමට ඇතැම් ගොවියෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn