ඔමික්‍රොන් ආසාදිත අයගේ පවුල්වල සාමාජිකයන්ටත් කොරෝනා…

ඔමික්‍රොන් ආසාදිත අයගේ පවුල්වල සාමාජිකයන්ටත් කොරෝනා…

මෙරටින් සොයා ගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින්ගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුටද කොවිඩ් – 19 වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

කෙසේවෙතත් ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කරයි.

එම ආසාදිතයින් ‍බූස්ටර් එන්නතද ලබාගත් අය බවත් ඔවුන් පෙන්නුම් කරන්නේ සුළු රෝග ලක්ෂණ පමණක් බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර පසුගියදා ඔමික්‍රොන් ආසාදනයවී ඇති බවට හඳුනා ගැණුනු ඉන්දීය ජාතිකයා පැමිණ ගිය සමාජ ශාලා සහ ස්ථාන සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්