පසුගිය සතියට වඩා මේ සතියේ කොවිඩ් – 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3%ත් 5%ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.
කෙසේ වෙතත් කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට 4%කින් පමණ අඩුවී ඇතැයිද ඔහු සඳහන් කරයි.
මේ අතර ළඟදි නත්තල සහ අලුත් අවුරුද්ද උදා වන හෙයින් එම කාල සීමාවේදී ජනතාව ඒකරාශී වීමෙන් වැළකී සෞඛ්‍ය නීති අකුරටම පිළිපැදීම වැදගත් බවත් එසේ නොකළහොත් භයංකාර තත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.
1









