කොළඹ ආසන්නයේ පිහිටි ප්‍රධාන විශ්වවිද්‍යාලයක නේවාසිකව සිටි භික්‍ෂූන් වහන්සේ 60නමක පමණ ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්ව ඇති බවත් ඒ අතරින් 50ස් නමකට අධික සංඛ්‍යාවක් ‘කොවිඩ්’ මර්දන එක එන්නතක් හෝ ලබාගෙන නොමැති බවත් වාර්තා වේ.
මෙම තත්වය හමුවේ ‘කොවිඩ්’ ආසාදිත භික්‍ෂූන් වහන්සේ එම නේවාසිකාගාරය තුළම නිරෝධානයට ලක්කර ඇති බවත් විශ්වවිද්‍යාලය තුළ පැතිර යෑම වැලැක්වීම සඳහා ආරක්‍ෂක පියිවර ගත් බවත් එම විශ්වවිද්‍යාලයේ උසස් නිලධාරියෙකු පැවසීය.
අදාල භික්‍ෂූන්වහන්සේලාගේ ඉල්ලීම පරිදි සීමිත සංඛ්‍යාවකට රැදී සිටීමට මෙහිදී අවසර දුන්නද තවත් පිරිසක් අනවසරයෙන් එහි නේවාසිකව සිට ඇති බවත් මෙම තත්වය හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාලයම අනතුරට ලක්ව ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කියයි.
අදාල නේවාසිකාගාරයේ භික්‍ෂූන් වහන්සේ 20 නමකට පමණක් රැදී සිටීම අවසර දී තිබියදී එහි 60 නමකට අධික පිරිසක් නේවාසිකව සිට ඇති බවත් එම පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්‍ෂා කර නොමැති බවත් එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ලංකාදීප









