ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළ සමයේ යුද්ධය නිමා කරනවිට හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩම ශ්‍රැන්ග්‍රිලා සමාගමට විකුනා බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ එය ස්ථාපිත කිරීමට රුපියල් කෝටි 7747ක වියදමක් මේ වනවිට දරා තිබේ.
මුලින් තිබූ හමුදා මුලස්ථාන ඉඩම විකිණීමෙන් ලබා ගත් මුදල කොපමණ දැයි මේ දක්වා නිල වශයෙන් හෙළිකර නැත. එසේ තිබියදී නිල නොළත් තොරතුරු අනුව එය රුපියල් කෝටි 1400 පමණ බව විවිධ වාර්තාවල පළවේ. කෙසේ වෙතත් 2011 වර්ෂයේදී අකුරේගොඩ හමුදා මුලස්ථානය ඇමරිකාවේ හමුදා මූලස්ථාන ආකෘතියට (පෙන්ටගන්) අනුව ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඇස්තමේන්තු කළ මුදු වියදම රුපියල් කෝටි 5330ක් වී තිබිණි. එහි ඉදිකිරීම් 2019දි නිම කිරීමට නියමිත විය.
නමුත් මේ දක්වා ඉදිකිරීම් නිම කර නැති අතර 2020දි රුපියල් කෝටි 428ක් සහ 2021දි රුපියල් කෝටි 789ක් යොදවා තිබිණි. ලබන 2022 වසර සඳහා තවත් රුපියල් කෝටි 1200ක් යෙදවීමට අයවැය මගින් මුදල් වෙන්කර තිබේ. යුද්ධය නිමා කරන විට හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩම විකිණීම සඳහා අදාළ කාර්යාල ඉවත් කර විවිධ කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යාම සඳහා තවත් රුපියල් කෝටි දහස් ගණනක් මේ දක්වා වියදම් කර තිබේ.
ඊට අමතරව පැරණි හමුදා මූලස්ථානයේ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය අදාළ ආරක්ෂිත නිසි ක්‍රමවේදයන්ට අනුවගබඩා කර තිබුණ ද, එම පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ ඉවත්කර කොස්ගම පිහිටි හමුදා කඳවුරේ ගබඩා කර තිබීම නිසා එම කඳවුර මුලුමනින්ම පුපුරා ගියේය. මේ නිසා සිදු වූ අලාභය කොපමණ දැයි මේ දක්වා නිල වශයෙන් හෙළිකර නැත. මෙවැනි මූල්‍යමය සහ ජාතික ආරක්ෂක උපාය මාර්ග අනතුරට හෙළීමෙන් පසුව අකුරේගොඩ හමුදා සංකීර්ණය ඉදිකිරීමට රුපියල් කෝටි දහස් ගණනක් තව දුරටක් වැය කරමින් පවතී.










