වයඹ ආණ්ඩුකාරධූරය වසන්ත කරන්නාගොඩට

වයඹ ආණ්ඩුකාරධූරය වසන්ත කරන්නාගොඩට

රාජා කොල්ලුරේ මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ මහතා පත් කර තිබේ.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (09) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉදිරියේ වයඹ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබේ.

නාවික හමුදාපති ධූරයෙන් විශ්‍රාම යෑමෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය කර ඇත. එසේම යුද්ධය පැවැති සමයේදී තරුණයින් එකොළොස් දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ වසන්ත කරන්නාගොඩද චූදිතයකු ලෙස නම් කර තිබිණි.

Facebook
Twitter
LinkedIn