ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන ලග්ගල ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම දෙවන වරටත් පරාජය වී ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරුන් 17 දෙනෙකු නියෝජනය කරන ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් 09 දෙනෙකුද, එජාපයට මන්ත්‍රීවරුන් 05 දෙනෙකුද, ශ්‍රීලනිපයට මන්ත්‍රීවරුන් 02දෙනකුත් ජවිපෙට එක් මන්ත්‍රීවරයෙකුත් සිටී.
අයවැය ඡන්ද විමසීමට සිදුවන අවස්ථාවේදී සියලුම මන්ත්‍රීවරුන් සිට ඇති අතර අයවැයට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 05ක් පමණි. විරුද්ධව ඡන්ද 11ක් ලැබී ඇති අතර පොහොට්ටු පක්ෂය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.
අයවැයට විරුද්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එක් මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබේ.
Views: 0










