මහබැංකු අධිපති අලුත් සෙල්ලමකට සැරසෙයි

මහබැංකු අධිපති අලුත් සෙල්ලමකට සැරසෙයි

හේතුවක් නොමැතිව යම් අයෙකු තවත් අයෙකුගේ ගිණුමකට මුදල් බැර කරන්නේ නම් ඒ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බවත් අවශ්‍ය නම් එවැනි බැංකු ගිණුම් තහනම් කිරීමට හැකියාව පවතින බවත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ මහ බැංකුව විසින් එලෙස සොයා බැලීම සිදු කරන බව පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන මහබැංකු අධිපතිවරයා…

“මනි ලොන්ඩරින් නීතිය යටතේ යම්කිසි පුද්ගලයෙක් මුදල් හේතුවක් නැතුව වෙනත් කෙනෙකුගේ ගිණුමකට දානවා නම්, මුදල්වලින් ලබා දෙනවා නම්, ඒ පිළිබඳ අපි සොයලා බලනවා. එවැනි ගිණුම් තහනම් කරන්නටත් මහ බැංකුවට පුලුවන්”

එම මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පැවසූවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට මුදල් එවන්නේ නම් ඒ සඳහා නිල බැංකු සේවා පමණක් භාවිත කරන ලෙසට විදෙස්ගත ශ්‍රමිකයන්ට උපදෙස් ලබා දෙන බව යි. එසේව විදෙස් රටවල්වල සිට පැමිණෙන මුදල් පිළිබඳව මේවන විට ඉතා සුපරීක්ෂාකාරීව විමර්ශනය කිරීම සිදුවන බව ද ඔහු පවසයි.

ආණ්ඩුව මැදිහත් වී ඩොලරයකට ගෙවන ලබන මුදල රුපියල් 210 සීමාවෙන් මෙපිට පවත්වාගෙන යෑමට උත්සාහ කළද වෙළදපොළ තුළ ඩොලරයක වටිනාකම රුපියල් 250කට ආසන්න සීමාවක පවතින බව වාර්තා වේ. එවැනි තත්වයක් තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් රාජ්‍ය බැංකු හා පිළිගත් මූල්‍ය ආයතන හරහා විදෙස් මුදල් එවීම සැළකිය යුතු ප්‍රමාණයකින් නතර කර විකල්ප ක්‍රම හරහා මුදල් එවීමට පෙළඹී ඇත්තේ ඩොලරයකට වැඩි මුදලක් ලැබෙන බැවිණි. එවැනි තත්වයක් තුළ මහ බැංකු අධිපතිවරයාගේ උත්සාහය කෙතරම් දුරකට සාර්ථක වනු ඇති දැයි සැකයක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

Facebook
Twitter
LinkedIn