වසා දැමුණු සපුගස්කන්ද යළි ඇරේ

වසා දැමුණු සපුගස්කන්ද යළි ඇරේ

බොරතෙල් තොග නොමැති වීම හේතුවෙන් දින 22ක් වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (07) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව පැවසේ.

පසුගිය නොවැම්බර් 15 වැනි දින සිට එම පිරිපහදුව වසා දැමීමට ලක් කෙරුණු අතර එය රටේ මහත් ආන්දෝලනයක් ඇති කරවන සිදුවීමක් බවට පත් විය. ආණ්ඩුවට බොර තෙල් තොග රැගෙන ඒමට ඩොලර් නොමැති වීමෙන් එලෙස පිරිපහදුව වසා දැමීමට සිදු වූ බව වාර්තා විය.

එම සිදුවීමෙන් පසුව මාධ්‍ය හමුවේ බලශක්ති ඇමතිවරයා පවසා තිබුණේ දින පණහක පමණ කාලයකට පිරිපහදුවේ කටයුතු නතර කිරීමට සිදුවන බවයි. කෙසේ නමුත් ඇමතිවරයා දින 22කට පසුව පවසන්නේ යළිත් වරක් බොරතෙල් පිරිපහදු කිරීමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බවය.

Facebook
Twitter
LinkedIn