ගෑස් සංයුතිය වෙනස් කිරීමත් සමග දින ගණනාවක සිට වාර්තා වූ සිද්ධීන් හේතුවෙන් වෙළඳ පොලට ගෘහස්ත ගෑස් සිලින්ඩර සැපයීම නතර කර තිබූ ලිට්රෝ ගෑස් නැවතත් සැපයුම් ආරම්භ කර ඇති බව එම සමාගම පවසයි.
පසුගියදා ඇතිවූ ආන්දෝලනයෙන් පසු ගෑස් අලෙවිය තාවකාලිකව නතර කළ ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට අලුතින් පිරවුම් කළ ගෑස් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව නව සිලින්ඩරවල කටේ සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවක් තිබේ. එම සිලින්ඩරවල නියමිත ප්‍රමිතියෙන් බියුටෙන් සියයට 70 ක් හා ප්‍රොපේන් 30 ක් ලෙස සංයුතියට ගෑස් පුරවා ඇති බවට අනුමාන කෙරේ.
කෙසේ වෙතත් පසුගිය දින ගණනාවක සිට මේ දක්වා රට පුරා ප්‍රදේශ රැසකින් ගෑස් උඳුන් සහ ඊට සම්බන්ධිත බට පුපුරා යෑමේ සිදුවීම් වාර්තා වෙමින් ඇති අතර අද (06) දිනයේද එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වී තිබේ.









