තරුණ තරුණියන් අතර ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීම වැදගත් බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කරයි.
පසුගිය වසර 05 තුළ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ කණ්ඩායම් අතර HIV ආසාදිතයින් හඳුනාගැනීමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවද එයට ප්‍රධාන හේතුවක් වන්නේ විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොතිබීම යැයිද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරිය…
“ශ්‍රී ලංකාවේ HIV ආසාදන ඇස්තමේන්තු කරලා තියෙනවා 3,700ක්. HIV ආසාදතයින්ගෙන් 60%ක් පමණයි ප්‍රතිකාර ගන්නේ. එතකොට ඉතුරු 40% ඇත්තටම ඔවුන් ප්‍රතිකාර ගන්නේ නැතුව අපේ සමාජයේ ඉන්නේ. ඔවුන් HIV තියෙනවා කියලා ජීවත් වෙන්න පුළුවන්. අපේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය වසර තුළ අවුරදු 15- 24 තරුණ කණ්ඩායමේ HIV ආසාදනය හඳුනාගැනීම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒක නිසා තරුණ අයට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් 90%ක්ම මේ HIV වෛරසය බෝ වෙනනේ. HIV වෛරසය හැදිලා අවුරුදු 12ක් විතර යනවා ඒඩ්ස් තත්ත්වයට එන්න. නමුත් ප්‍රතිකාර ගන්න නිසා ඒඩ්ස් තත්වයට යනවා අඩුයි.”










