මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (02) නියෝග කර තිබේ.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමාති බව විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.
මාර්තු අට වැනි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු මාස නවයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටියේය.
Views: 0










