උතුරේ ජනතාව අරලියගහ මන්දිරයට ගෙන්වා ගැනීම සඳහා දුම්රිය හතරක් යොදවා ගැනීම නිසා රුපියල් මිලියන සියයකට අධික අලාභයක් එම දෙපාර්තමේන්තුවට සිදුවී ඇති බව අනාවරණය වේ. නැති වූ රන් භාණ්ඩ ලබා දෙන බව කියමින් මෙම ජනතාව පසුගිය 5වෙනිදා අරලියගහ මන්දිරයට ගෙන්වා ගත්තද එසේ පැමිණි සියළු දෙනාට එදින රන්භාණ්ඩ හිමිව නැති බවද පැවසේ.
වව්නියාවේ සිට කොළඹ දක්වා දුම්රිය දෙකක්ද යාපනයේ සිට කොළඹ දක්වා දුම්රිය දෙකක්ද මේ සඳහා යොදවා ගෙන තිබිණ.
උතුරේ ජනතාවගේ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් රන් භාණ්ඩ බෙදීම සිදු කළද එය නීති විරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හෙළිකර තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුවට මේ හේතුවෙන් දැවැන්ත පාඩුවක් සිදු වූ බවයි.
ආශ්රිත පුවත්
Views: 0









