ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්; ක්‍රීඩිකාවන් හත්දෙනෙකුට කොරෝනා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්; ක්‍රීඩිකාවන් හත්දෙනෙකුට  කොරෝනා

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරඟාවලියට සහභාගි සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් හත් දෙනෙකු කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට දකුණු අප්‍රිකාව ඇතුළු ලොව රටවල් කිහිපයක පැතිර යමින් තිබෙන නව කොවිඩ් ප්‍රභෙදය නිසා සිම්බාබ්වේහිදී පැවැත්වෙමින් තිබූ එම සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරඟාවලිය ඊයේ (27) අත්හිටුවන ලදී. එහෙත් මෙරට ක්‍රීඩිකාන් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ගුවන් යානයට ප්‍රවේශකරගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එම නිසා මේ වනවිට ඔවුන් සිම්බාබ්වේහි සිරවී සිටී.

එම තරගාවලියට සහභාගී වී සිටි සෙසු විදේශ කණ්ඩායම් අට ඊයේ (27) එකම ගුවන් යානයෙන් ඩුබායි බලා පැමිණි අතර එම ගුවන් යානයට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවේශකරගැනීමට සෙසු කණ්ඩායම් අකමැති වී තිබේ. එම නිසා ශ්‍රී ලංකා පිලට තව දුරටත් සිම්බාබ්වේහි රැදී සිටීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පමණක් තනි ගුවන් යානයක් වෙන්කරවා ගැනීමට මේ වනවිට ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවද සහයෝගය දක්වන බවත් ය.

කොවිඩ් ආසාදිත කාන්තා නිලධාරිනිය සහ ක්‍රීඩිකාවන් 06 දෙනා තව දුරටත් සිම්බාබ්වේහි නවතා තැබීමට සිදුවන බවත් ඈෂ්ලි ද සිල්වා වැඩි දුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්