ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදුන් මහින්ද රාජපක්ෂ මහතා අද (09) පස්වරු 3ට ශ්රී ලංන්කන් එයාර්ලයින් විශේෂ ගුවන්යානයකින් ඉන්දියාවේ තිරුපති කෝවිලට ගොස් තිබේ.
ද හින්දු පුවත්පත වාර්තා කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි පියවරගෙන ඇති බවය. පොලිසියේ විශාල පිරිසක් මේ සඳහා යොදවා ඇති බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතා මෙම මැතිවරණය කැඳවනු ලැබූවේ ඒ සඳහා වූ අතිවිශේෂ ගැසට් පත්රය අත්සන් කිරීම, නාමයෝජනා භාරදීමේ දින නියම කිරීම, නාමයෝජනා පත්රය අත්සන් කිරීම, එය මැතිවරණ කොමසාරිස්වරයාට භාර දීම සහ ජනාධිපතිවරණය ජනවාරි 08වනදාට යොදා ගැනීම ආදී සියළු කටයුතු දෛවඥ සුමනදාස අබේගුණවර්ධනගේ මග පෙන්වීම යටතේ ය. මෙම කෝවිල් සංචාරය යොදාගෙන ඇත්තේද භාරහාර වීමට බව අනාවරණය වේ.
Views: 0









