මහින්දානන්දගේ නඩුවෙන් මාධ්‍යවේදියා දොට්ට

දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අධ්‍යක්ෂ ශෙහාන් බරණගේ මහතා එම ධුරයෙන් සහ එම නාලිකාවෙන් තාවකාලිකව ඉවත් කර ඇතැයි වාර්තා වේ.

මේ මස 03වනදා දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති වාද පිටිය වැඩසටහනට දුරකථනය ඔස්සේ සහභාගී වූ මාතර සුනිල් නැමැත්තා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නඩු ලිපිගොනු සම්බන්ධයෙන් සහ වන්දි නඩු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමන්ට අපහාස කරනවා යැයි කියමින් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඉන් පිටව ගියේය.

අමාත්‍යරවයා ‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිනිල්ලකට අනුව මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබේන අතර පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගෙන්ද ඒ සම්බන්ධයෙන් කටඋත්තර ගත්තේය.

කෙසේ නමුත් මෙලෙස පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර තුර ශෙහාන් බරණගේ මහතා වැඩතහනමකට ලක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතා බහක් ඇතිවෙමින් ති‍බේ.

ආශ්‍රිත පුවත්

Video: ආණ්ඩුව බයවෙයි වාදපිටියෙන් හකුළාගෙන යයි

මහින්දානන්ද අලුත්ගමගේ ඉල්ලගෙන කයි

මාතර සුනිල් ගැන රන්ජන් කතා කරයි

රංජන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

Facebook
Twitter
LinkedIn