මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් සියළුම රාජ්‍ය ආයතනවලට පුද්ගලයින් 15,000ක් විවිධ රැකියාවල නම් යොදා ගනිමින් බඳවාගනිමින් සිටින අතර ඔවුන් සියළු දෙනා ලබන 15වැනිදා සිට මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්රචාරක කටයුතුවලට යොදවා ගැනීමට සැළසුම් කර තිබෙන බව අනාවරණය වේ. ඒ මඟින් මේ වනවිට බිඳවැටී ඇති රාජපක්ෂ මහතාගේ ප්රචාරක යාන්ත්‍රණය යළි පණ ගැන්වීමට උත්සාහ කරන බව වාර්තාවේ.
මෙසේ බඳවාගන්නා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ලවා ගම් මට්ටමින් අනෙකුත් ජනතාවට මැතිවරණ බලපෑම් කිරීමටද සැළසුම් කර ඇත. තම රැකියාවේ සුරක්ෂිත තාවය රැකගැනීමට නම් අති විශාල කැපවීමකින් මහින්ද රාජපක්ෂ දිනවිය යුතු බව සියළුදෙනාට ඒත්තු ගන්වමින් සිටින බව වැඩිදුරටත් හෙළිවේ.
ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, කම්කරු අමාත්‍යංශය, ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, නිවාස හා ඉංජිනේරු සේවා අමාත්‍යංශය වැනි ආයතවලට විශාල වශයෙන් මෙම පිරිස් බඳවාගනිමින් සිටිති.









