LTTE සංවිධානය විසින් අත්පත් කරගෙන තිබූ උතුරේ ජනතාවගේ රන් ආභරණ යුද්ධය අවසන් කර වසර පහක් ඉක්ම යන තුරුත් එම ජනතාවට ලබා නොදුන් ආණ්ඩුව ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඡන්දය දිනා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් එම ආභරණ ලබා දීමට සැරසේ. අද (04) අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී සංකේතාත්මකව මෙම ලබා දීම සිදුකිරීමට නියමිතය.
මේ පිළිබඳ නිවේදනය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය වශයෙන් හදුන්වා දෙමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රෙගේඩියර් රුවන් වනිගසූරිය මහතා ඊයේ (03) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
Views: 0









