වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය හා ගමනා ගමණ මණ්ඩල සේවා, භාණ්ඩ හා මගී ප්‍රවාහන, ශ්‍රී ලංකා මහ බැංකුව, රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ අණ පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර විසින් ඊයේ (29) දිනයේය.
රටේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමේ අරමුණෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එම සේවා සැපයීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ කරුණු ද සැලකිල්ලට ගත යුතු බව සදහන් කරනු ලැබ ඇත.
Views: 0












