චීන පොහොර මගඩියෙන් රටේ මූල්‍ය පිළිගැනීම හෑල්ලු කළා – අනුර දිසානායක

චීන පොහොර මගඩියෙන් රටේ මූල්‍ය පිළිගැනීම හෑල්ලු කළා – අනුර දිසානායක

චීන කාබනික පොහොර ක්‍රියාවලියත් සමග චීනය මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කිරීම ජාත්‍යන්තර වශයෙන් මෙරට මූල්‍ය පද්ධතිය අනතුරට හෙළිමක් හා රට අපකීර්තියට පත්කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

ආණ්ඩුව පොහොර පිළිබඳ ගනුදෙනුවේදී අඳුරදර්ශී හා පොහොර ගෙන්වීම හා බැඳුණු වංචා දූෂණ හේතුකොටගෙන ගොවි ජනතාව විශාල අසීරුතාවකට ඇද දමා පමණක් ඊට අදාළ වංචා හා දූෂණ හේතුකොටගෙන ශ්‍රී ලංකාව විශාල අපකීර්තියකට පත්කර ඇති බවත් ඒ වාගේම වාණිජ බැංකුවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් හිමි කරගෙන තිබූ මහජන බැංකුව මේ වනවිට චීනය බ්ලැක්ලිස්ට් කර ඇති බවත් මහජන බැංකුව සමග චීනයේ කිසිවකු ගනුදෙනු නොකරන ලෙස චීන තානාපති විසින් චීන ව්‍යාපාරිකයන දැනුවත් කොට ඇති අතර එය විශාල ගැඹුරු ආර්ථික අර්බුදයකට හා ජාත්‍යන්තර වශයෙන් අපේ බැංකු පද්ධතිය අපකීර්තියකට පත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ තුළින් මෙරට බැංකු පද්ධතිය කෙරේ දේශීයව හා විදේශීයව තිබූ පිළිගැනීම පිළිබඳ යම් අස්ථාවරත්යක් නිර්මාණය වී ඇති අතර මෙවැනි තත්වයක මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කිරීම එම අර්බුදය තවත් තීව්‍ර කිරීමක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි. එහෙත් මෙම විස පොහොර ආනයනයෙන් සාම්පල පරීක්ෂා කිරීමට පෙර නියෝග දුන් අයත් මේ වංචා දූෂණවලට හවුල් වූවන් වහාම හෙළිදරව් කොට ඔවුන්ට එරෙහිව වාහාම තීන්දු තීරණ ගත යුතු බවත් ඔහු සඳහන් කරයි. ඒවා හෙළි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූධානම් බවද ඔහු වැඩිදුරටත් වධාරණය කරයි.

මව්බිම – අනුරාධා හේරත්

Facebook
Twitter
LinkedIn