පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි අදහස් හා වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්වවිද්‍යාලවල කෘෂිපීඨවල ආචාර්ය මහාචාර්යවරු 141 දෙනෙකු ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබේ.
කෘෂිකර්ම කේෂ්ත්‍රයට අදාලව රට මුහුණු දෙමින් සිටින අර්බුදය විසඳීම සඳහා වර්තමාන ආණ්ඩුව නිරෝගීමත් ජාතියක් බිහිකිරීමේ සහ හරිත කෘෂිකර්මික දැක්මට අනුව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් රජයට යෝජනා කිරීමට කැමැත්තෙන් පසුවන බවද එම ආචාර්ය මහාචාර්යවරු සඳහන් කරති.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මුදලිගේ වෙත ලිපියක් යවමින් එම ආචාර්ය මහාචාර්යවරුන් ජනාධිපතිවරයාගෙන් එම සාකච්ඡාව ඉල්ලා තිබේ.
ගෙවීන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු සියලු පර්ශ්වකරුවන්ට එකඟවිය හැකි විසඳුමකට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා සමග එම සාකච්ඡාව කිරීමට අපෙක්ෂා කරන බවද එම ලිපියේ සඳහන් කර ඇත.










