ලක්ෂ 10ක මංකොල්ලයකට OIC පොලිස් දැලේ…

ලක්ෂ 10ක මංකොල්ලයකට OIC පොලිස් දැලේ…

වාහනයක් මිලදි ගැනිමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 10ක් මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වඳුරඹ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයෙ ස්ථානාධිපතිවරයා නාගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වාහනයක් මිලදි ගැනිමට අවශ්‍යව සිටි පුද්ගලයකු මීගොඩ ප්‍රදේශයේ වාහන බ්‍රෝකර්වරයකු මාර්ගයෙන් කලුතර ප්‍රදේශයට ඉකුත් 11 වැනි දා ගෙන්වා ගෙන තිබේ. ඒ ඔහු මෙයට පෙර මහරගම සේවය කරමින් සිටියදි දැනහඳුනාගැනීමක් මතය.

ඒ අනුව අදාල ප්‍රද්ගලයා කලුතරට පැමිණි පසු ගාල්ලට මෝටර් රථයකින් රැගෙන ගොස් ඇත. ඒ යන අතරමගදී ත්‍රි රෝද රථයකින් පැමිණි සැකකාර පොලිස් නිලධාරියා මෝටර් රථය නවතා එයට ගොඩවි එහි හොර සල්ලි තිබෙන බව පවසා රුපියල් ලක්ෂ දහය ඔහුගේ බාරයට ගෙන දවස් පහකින් උත්තරයක් දෙන බව බව පවසා මුදල් හිමි පුද්ගලයා මගට ගෙනැවිත් දමා පලාගොස් ඇත.

පසුව එම පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව ගාල්ල පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා පරික්ෂණ පවත්වා ප්‍රකාශ සටහන් කරගැනිමෙන් පසු සැකකාර ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn