ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති වර්ජනයකට සැරසෙති

ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති වර්ජනයකට සැරසෙති

කොරවලපිටිය යුගදනව් බලාගාරයේ කොටස් ඇමෙරිකා සමාගමකට විකිණීමට විරෝධය දැක්වීම සඳහා වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව එක්දින වැඩවර්ජනයකට යන බව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති, දුම්රිය, බස්රිය, වරාය ඇතුළු වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවද ලංවීව ඒකබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුරම්කරු රන්ජන් ජයලාල් පවසයි.

නියෝජ්‍ය විදුලි සාමාන්‍යාධිකාරි කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක්ද සංවිධානය කර ඇති බවත් ඔහු සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn